නිර්මාතෘවරු

රජරට විද්‍යාලය සිය 78 වන ස්වර්ණමය පරිච්ජේදය මෙසේ ඇරඹූ වගයි.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැනුම ආකල්පය කුසලතා වලින් හෙබි පරපුරක් දැයට දායාද කිරීමෙහිලා පාසලකට ඇති වගකීම ඉතාම ඉහළ වේ. මෙම වගකීම සාක්ෂාත් කර ගැනීම උදෙසා පාසලක් සතුව පවතින මානව හා භෞතික සම්පත් මනා ලෙස කළමනාකරණයකින් යුතුව යොදවා ගැනීම තුළින් ලාංකික සමාජය දියුණු සමජයක් බවට පත්කර ගත හැකි සේම පාසලක් ලෙස අපටද මනා පිටුවහලක් වන බව පැහැදිලිය.එතුළින් පාසලක සාර්ථකත්වය ද පිළිබිඹු වන්නේය. පාසල් ප්‍රජාව හා අවට සමාජය තුළ පාසල පිළිබඳ පාරදෘශ්‍යතාවයකින් යුතු හැඟීම් ජනිත කරවමින් විශිෂ්ට පාසලක් ගොඩනැගීම අපගේ වගකීම වන්නේය....

 

1946.09.22 දින සිසුන් 48 දෙනකුගෙන් ඇරඹී රෝමානු කතෝලික සභාවේ පාලනයට අයත්ව මිශ්‍ර පාසලක් ලෙස ඇරඹි රජරට විද්‍යාලය, ආදි කතෘවරයාණෝ ගරු සෑම් ඇලෙක්සැන්ඩර් පියතුමානෝ විසින් ආරම්භ කරන ලදී. මේ විද්‍යාලය 1954- 1961 කාලයේ අධ්‍යක්ෂිත පාලිත ක්‍රමය යටතේ පාලනය විය. පෞද්ගලික හා විවිධ සංවිධාන මගින් පාලනය වූ පාසල් රජයට පවරා ගැනීමේ රජය ප්‍රතිපත්තිය යටතේ 1961 වර්ෂයේ විදුහල රජයට පවරා ගැනීම සිදුවිය.

                                                                            මේ වන විට මෙම විද්‍යාලය විදුහල්පති දස දෙනෙක් යටතේ පාලනය විය. අසීමාන්තික බාධා දුෂ්කරතා මැද සිය ගමන් මග සකස් කරගත් රජරට විදුහල 1991 වර්ෂයේ උසස් පෙළ කලා අංශය සහිත මහ විදුහලක් විය. 2000 වර්ෂයේ දී විද්‍යාලයේ වාණිජ අංශය ආරම්භ වෙයි. අතිශය දුෂ්කරතා හා බාධා මධ්‍යයේ 2007 ව වර්ෂයේ ඌන සුදුසුකම් සහිත ස්ථිර ගුරුවරයකු හා ස්වේච්ඡා ගුරුවරයකු සහිතව විද්‍යාලයේ උසස් පෙළ විද්‍යාංශය ඇරඹී අතර 2008 වර්ෂයේ දී උසස් පෙළ ගණිත අංශය ඇරඹිණි. උතුරු මැදට පමණක් නොව ශ්‍රී ලාංකීය පාසල් පද්ධතිය පුරා ජය කෙහෙළි නැංවීමට තරම් සදිසි මෙත්සිරිපාය නම් වූ අති විශාල රංග ශාලාව 2010 වර්ෂයේදී ගරු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාගේ මැදිහත්වීමෙන් ලබාගත හැකි විය. රජරට විද්‍යාලය ගතවූ කාලය තුළ අධ්‍යාපන ක්‍රීඩා හා වෙනත් විෂය සමගාමී කටයුතුවල ස්වකීය අනන්‍යතාව ඉතා කදිමට සහතික කළ විද්‍යාලයකි.