විදුහල්පතිතුමියගේ පණිවිඩය
N.M.B.P.C.බොරගොල්ල මිය
දැනුම ආකල්පය කුසලතා වලින් හෙබි පරපුරක් දැයට දායාද කිරීමෙහිලා පාසලකට ඇති වගකීම ඉතාම ඉහළ වේ. මෙම වගකීම සාක්ෂාත් කර ගැනීම උදෙසා පාසලක් සතුව පවතින මානව හා භෞතික සම්පත් මනා ලෙස කළමනාකරණයකින් යුතුව යොදවා ගැනීම තුළින් ලාංකික සමාජය දියුණු සමජයක් බවට පත්කර ගත හැකි සේම පාසලක් ලෙස අපටද මනා පිටුවහලක් වන බව පැහැදිලිය.එතුළින් පාසලක සාර්ථකත්වය ද පිළිබිඹු වන්නේය. පාසල් ප්‍රජාව හා අවට සමාජය තුළ පාසල පිළිබඳ පාරදෘශ්‍යතාවයකින් යුතු හැඟීම් ජනිත කරවමින් විශිෂ්ට පාසලක් ගොඩනැගීම අපගේ වගකීම වන්නේය....
N.M.B.P.C.බොරගොල්ල මිය
විදුහල්පතිතුමිය
පො/රජරට ජාතික පාසල.